උඩරට දුම්රිය මාර්ගයට ගල් සහිත පස්කන්දක් කඩා වැටී දුම්රිය ධාවනය සීමා කරයි
04 November 2026
උඩරට දුම්රිය මාර්ගයට ගල් සහිත පස්කන්දක් කඩා වැටී දුම්රිය ධාවනය සීමා කරයි
04 November 2026
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ හීල්ඔය අතර, 162/54 වැනි සැතපුම් කණුව අසළ අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පවසයි.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය අද (04) බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට සිදුව ඇති බව ද ඔහු පැවසීය.
එමෙන්ම, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වන සියලුම දුම්රිය අද (04) දිනයේ ධාවනය නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

