brand logo
logo
 හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක්

හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක්

10 September 2026


හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.


“Sri Lanka Police App” ලෙස හඳුන්වා දී ඇති මෙම යෙදවුමට ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.


මෙම යෙදවුමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන්, අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.


119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීමට අමතරව, මෙම යෙදවුම හරහා ද කඩිනමින් තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


දරුවෙකු කිසියම් අනතුරකට හෝ කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී වුවද මෙම යෙදවුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය කඩිනමින් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.


Play Store ඔස්සේ Sri Lanka Police App වෙත පිවිස ලියාපදිංචි විය හැකි අතර, ජාතික හැඳුනුම්පතක් ඇති දරුවන්ට ද ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


එමෙන්ම මෙම පොලිස් යෙදවුම අවභාවිත කිරීම නොහැකි බවත්, 2025 වසරේදී 119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ක

 

More News..