brand logo
logo
මහාචාර්ය ජෙරල්ඩ් එච්. පීරිස් අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ජෙරල්ඩ් එච්. පීරිස් අභාවප්‍රාප්ත වෙයි

21 September 2026 | ජයන්ත ඒකනායක-නුවර


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයකු වූ කීර්තිමත් භූගෝල විද්‍යාඥ මහාචාර්ය ජෙරල්ඩ් එච්. පීරිස් මහතා අභාවප්‍රාප්ත වී ඇත.


මිය යන විට එතුමා 88 වන වියේ පසු විය.


1960 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගත් එතුමා, 1965 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. 


1980 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා මහාචාර්ය ධුරයට පත් වූ එතුමා, ශ්‍රී ලංකාවේ භූගෝල විද්‍යා ක්ෂේත්‍රයට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා පර්යේෂණයන්ට ද විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් එතුමා ඉටු කළ අමිල සේවය ගෞරවයෙන් සිහිපත් කරමින්, අභාවප්‍රාප්ත මහාචාර්ය ජෙරල්ඩ් එච්. පීරිස් මහතාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.


එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහාචාර්ය සමන් නානායක්කාර මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.


දේහය සැප්තැම්බර් 22 වන අඟහරුවාදා පස්වරු 3.30ට වෛද්‍ය පීඨයේ ව්‍යුහ විද්‍යා අංශයට භාරදීමට නියමිතය.

 

More News..