brand logo

අහසට නැගි පොල්තෙල් මිල

a year ago

Share on

තෙල් කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම මෙතෙක් ඉටු කර නෑ

පොල් සහ පොල් තෙල් මිල අසීමිත ලෙස ඉහළ යමින් පවතින බව තෙල් කර්මාන්තකරුවෝ සඳහන් කරති. පසුගිය දිනවල රුපියල් 600 ට තිබූ පොල් තෙල් කිලෝ ග්‍රෑම් 01 ක තොග මිල රුපියල් 670 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවද ඔවුන් සඳහන් කරයි. එමෙන්ම කටු පොල් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 93 සිට 107 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත. පොල් තොග මිල රුපියල් 65 සිට 85 දක්වා ඉහළ ගොස් ඇති බවද එම ව්‍යාපාරිකයන් සඳහන් කරයි. විදෙස් රටවල්වලින් ෆාම් තෙල් (ආර්.බී.ඩී.) මේ දිනවල ආනයනය නොකිරීම මෙම තත්ත්වයට හේතුව බවද ඔවුන් කියා සිටී. මෙරට කර්මාන්තකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කොප්පරා ඉන්දියාවෙන් හෝ ලබා දෙන ලෙස එම කර්මාන්තකරුවන් පසුගිය දිනවල රජයෙන් ඉල්ලා තිබුණි. නමුත් එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් පොල් තෙල් සහ පොල් මිල මේ ආකාරයට වෙළෙඳ පොළ තුළ ඉහළ යන බවද ඔවුන් කියා සිටී. ජුඩ් සමන්ත - පුත්තලම

You may also like