හංගපු ගෑස් නිසා හැටන් ඇවිලෙයි (විඩියෝ)
a year ago
Share on
ගැස් කඩේ කරපු කැත වැඩේ
නුවරඑළිය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයෙකු විසින් ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදිම හමුවේ එම අලෙවි නියෝජිතයා සතුව තිබු ගෑස් සිලින්ඩර් නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ මැදිහත් විමෙන් පාරිභෝගිකයන්ට ලබාදිම අද(05) දින සිදු කරනු ලැබුහ. ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නුවරඑළියේ එම අලෙවි නියෝජිතයාට ගෑස් සිලින්ඩර් 50 ක් පමණ අද දින ලබා දි ඇති අතර, එසේ ලබාදුන් ගෑස් සිලින්ඩර් ඇණවුම් වලට ලබාදිය යුතු බව පවසමින් පොලිමේ රැදි සිටි පාරිභෝගිකයන්ට ලබානොදිම හමුවේ පාරිභෝගිකයන් කිහිපදෙනෙකු එම අලෙවි නියෝජිත වෙලදසැලට බලහත්කාරයෙන් පිවිස ගෑස් සිලින්ඩර් කිහිපයක් මිල දි ගනු ලැබුහ. එම අලෙවි නියෝජිතයා විසින් ගෑස් සිලින්ඩර් ලබා නොදිම සම්බන්ධයෙන් නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරින් වෙත පොලිමේ රැදි සිටි පාරිභෝගිකයන් දැනුම් දිමෙන් පසු එම නිලධාරින් පැමිණ අලෙවි නියෝජිතයා සතුව තිබු ගෑස් සිලින්ඩර් බෙදා දිම සිදු කරනු ලැබුහ. හැටන් රංජිත් රාජපක්ෂ https://youtu.be/MweMAakjZMs


