වැඩිම පාද ගණනක් ඇති සත්ත්වයා හමුවෙයි
a year ago
Share on
පාද 1300කින් යුත් පත්තෑයා
ලොව මෙතෙක් හමු වුණු වැඩිම පාද සංඛ්‍යාවක් ඇති සත්ත්වයා ලෙස සැලකෙන පත්තෑයකු ඔස්ට්‍රේලියාවෙන් හමුවී තිබේ. පාද 1300කින් පමණ යුත් ළා පැහැති මෙම සත්ත්වයා දිගින් මිලිමීටර 95ක් පමණ වේ.මීට පෙර වැඩිම පාද ගණනක් හිමි සත්ත්වයා ලෙස හඳුනාගෙන තිබුණේ කැලිෆෝනියාවෙන් හමු වූ පාද 790ක් සහිත පත්තෑ විශේෂයකි. පත්තෑයාට මිලිපීඩ් (MILLIPEDE) යන නම ලැබී ඇත්තේ පාද දහසක් සහිත යන තේරුම ඇතිවය. කෙසේ වුවත් පාද දහසක් ඇති කිසිදු සතකු මීට පෙර හමු වී නොතිබූ බව නව සොයාගැනීම සිදුකළ පර්‌යේෂණ කණ්ඩායමේ ප්‍රධානී පෝල් මරෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. ඔහු වර්ජිනියා ටෙක් ආයතනයේ කීට විද්‍යාඥයෙකි. ඔවුන්ගේ සොයාගැනීම පිළිබඳ තොරතුරු සයන්ටිෆික් රිපෝට් සඟරාවේ අලුත්ම කලාපයේ පළ කර තිබේ. මෙම පත්තෑයාගේ විද්‍යාත්මක ‘ගන’ නාමය වන ‘යුමිලිසිස්’ යනු සත්‍ය වශයෙන් පාද දහසක් ඇති යන්නයි. පර්සිෆෝන් යන්න යොදා ඇත්තේ ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් වන පාතාලයේ රැජනගේ නම සිහිවීමටය. බොහෝ පාංශු ජීවීන්ට මෙන් මෙම පත්තෑයන්ටද ඇස් පිහිටා නැත. වසන්ත විජේරත්නයුමිලිපිස් පර්සෙෆෝන් (Eumillipes persephone) ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මෙම සත්ත්වයා හමුවී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ ආකර කලාපයක මීටර 60ක් (අඩි 200ක්) ගැඹුරු ස්ථානයකදීය.