brand logo
logo
 ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ TVK පක්ෂයේ ප්‍රධානියෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ TVK පක්ෂයේ ප්‍රධානියෙක් අත්අඩංගුවට

17 October 2026


ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමට සැලසුම් කළ, තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු එරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙහිදී මෙටම්පෙටමින් (Methamphetamine)නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ඔවුන් සතුව තිබී හමුව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, TVK නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු වන එන්. භූපාලන් 42 හැවිරිදි පුද්ලගයෙකි.


එමෙන්ම තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුව ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.


නාගපතිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද රහසිගත තොරතුරක් මත, ආරක්ෂක නිලධාරීන් ඊයේ උදෑසන 6.00 පමණ එක් සැකකරුවෙකුගේ නිවසක් වටලා පරීක්ෂා කර ඇත.


එහිදී ලද තොරතුරු මත ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන භූපාලන්ගේ නිවසද තවත් නිලධාරී කණ්ඩායමක් විසින් සෝදිසියට ලක් කර තිබේ.


භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලංකිකයෙකු වීම මෙම ජාවාරම සඳහා උපකාරී වන්නට ඇති බව නිලධාරීන් සැක පළ කරන බව සඳහන් වේ.


චෙන්නායි සිට රැගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල බෙදා හැරීම සඳහා රඳවාගෙන ඇති බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.


සෝදිසි කිරීම් සහ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා නාගපතිනම් රේගු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත.


මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම සහ පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් භූපාලන් පක්ෂයේ මූලික සාමාජිකත්වයෙන් සහ සියලු තනතුරුවලින් වහාම ඉවත් කළ බව TVK නාගපතිනම් දිස්ත්‍රික් ලේකම් එම්. සුගුමරන් නිවේදනය කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 

 

More News..