brand logo
logo

ජනපතිගෙන් කාබනික ගොවියෙකුට දුරකථන ඇමතුමක්

22 October 2021

සමාජ මාධ්‍යයේ පුවතක් දැක ජනපති කරපු දේ

මෙරට කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට ජනාධිපතිවරයාට ඇති උන්නදුව සහ උවමනාව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට නැති බවත්, වසර 14කට පෙර සිට කාබනික වගාව සිදුකරන තමාට පෙරේදා (18 වැනිදා) ජනාධිපතිවරයා දුරකථනයෙන් කථාකර දිරි ගන්වා සිය ගොවිපළේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන බව පැවසූ බවත් ලෙස්ලීස් ආදර්ශ ගොවිපොළේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස්ලි බර්නාඩ් පෙරේරා පැවැසීය. රසායනික පොහොර හා කෘමිනාශක යොදන්නේ කම්මැලි ගොවීන් බවත් කාර්යශූර ගොවීන්ට සරිලන්නේ කාබනික වගාව බවත් හෙතෙම කීවේය. ඔහු මේ බව පැවසුවේ ‘කාබනික වගාවට එකවර මාරුවිය හැකිද‘ යන්න පිළිබඳ උඩුබද්දාව, බුන්නැහැපොළ ආදර්ශ කාබනික ගොවිපොළ පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ඒ මහතා මෙසේද පැවසීය. ‘‘මම මේ ක්‍ෂේත්‍රයට ආවේ සත්ව ආහාර නිෂ්පාදනය කරමින් ඉන්න අතරෙ, රූපවාහිනියෙන් දුටු ගැඩවිල් පොහොර නිෂ්පාදන වැඩසටහනකින් පසුවයි. එදාට පසුදිනම මම තීරණය කළා මේක කරන්න. මමත් රසායනික පොහොර, කෘමිනාශක යෙදූ දෑ ආහාරයට ගන්න අකමැති කෙනෙක්. මම ව්‍යාපාරික වශයෙන් මොනතරම් කාර්යබහුල වුණත් මගේ දරුවන් සිවුදෙනාට කන්න බොන්න දුන්නෙ කාබනිකව වගාකරපු දේවල්. ඒ අතරෙ මම කල්පනා කළා මේ විදිහට අපේ ප්‍රදේශයටම කාබනික එළවළු හා පලතුරු ලබාදෙන්න පුළුවන් නම් මොනතරම් වටිනවාද කියලා. ඒ සිතුවිල්ල එක්ක මම මීට වසර 14කට කලින් කාබනික ගැඩවිල් පොහොර නිෂ්පාදනය කළා. ඒකට මම ටික ටික අනුවර්තනය වුණා නොවෙයි. මම නම් එකවරම ගැඩවිල් පොහොර නිෂ්පාදනය කළා. හිතුවට වඩා සාර්ථක වුණා. අද ඇතැම් පිරිස් එකවරම රසායනික පොහොරෙන් මිදී කාබනික වගාවට එන්න බැහැ කියලා කියනවා. ඒ හැම කෙනකුටම මම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා. දිනපතා මෙතන අපි පුහුණු වැඩසටහන් පවත්වනවා. දිවයිනේ නන් දෙසින් පිරිස පැමිණ අපේ උපදෙස් අරගෙන ගිහින් ඒ අය සාර්ථකව ගැඩවිල් පොහොර භාවිතයෙන් කාබනික වගාව සිදුකරලා ඡායාරූප පවා එවනවා. අපි අපේ ප්‍රධාන ගේට්ටුවෙන් මෙපිටට රසායනික දෑ ගේන්න කිසිම අයෙකුට අවසර දීලා නැහැ. ඒ වගේම තමයි අපේ ආයතනය වටේටම එළවළු කඩ මොනතරම් තිබුණත් අපේ තැනට එනවා. අපි අලුත් සංකල්පනාවක් මෙතනදි ඒ එන අයට දෙනවා. ඒ තමයි සුපිරි වෙළෙඳසල් වලට ගියාම තමන්ට අවැසි දේ තමන් විසින් තෝරගෙන බිල දාගන්නව වගේ ඒ අයට අවශ්‍ය එළවළු ගොවිපොළ තුළට ගිහින් නෙළාගෙන යන්න අවස්ථාව දෙනවා. ඒකෙන් අනිසි පෙළඹවීමක් ඇතිකරනවා, ඒ අයටත් ගෙවත්තක් නිර්මාණය කරගන්න. එහි ප්‍රතිඵල දැනටමත් තියනවා. මම ආරම්භ කළේ ගැඩවිල් පණුවන් 150ක විතර සුළු ප්‍රමාණයකින්. අද වෙනකොට කෝටි ගණනාවක් ගැඩවිල් පණුවො මා සතුයි. ඒ තමයි මේ පොහොර ව්‍යාපෘතියේ සම්පත් දායකයන්. විශාල සේවක සංඛ්‍යාවක් වේතන ලබමින් මා යටතේ සේවය කළත් කිසිදු වේතනයක් නොලබා ඒ කෝටි ගණනක් අපිට සේවය සපයනවා. අපි ගොම පොහොර වුණත් ගැඩවිල් පනුවො හරහා ජීර්ණය කරගතහොත් ගොම වගේ සිවු ගුණයක ගුණාත්මක බවක් පොහොරට වැඩිකරගන්න පුළුවන්. ඒ වගේමයි ගොඩ කොම්පෝස්ට් ඒ විදිහට ජීර්ණය කළහොත් තිබුණා වගේ හත් ගුණයක් පොහොරෙ ගුණාත්මක බව වැඩිවෙනවා. අපිම කාලාන්තරයක් තිස්සේ රසායනික භාවිතයෙන් පොළවේ පොහොර මැසිම නොහොත් ගැඩවිල් පණුවන් විනාශ කරලා දැන් කාබනික පොහොර එපා කියලා හරියන්නෙ නැහැ. ගැඩවිල් පණුවා පොළොවේ යහමින් හිටියා නම් පොහොර දාන්න අවශ්‍යත් නැහැ. චෝදනා කරන ඇතැම් අය නිසි කාබනික පොහොරකින් වගා කරලා ඇති කියලා හිතන්න බැහැ. ඒකයි මෙම ස්ථානයට පැමිණ බලන්න කියන්නෙ. අපි යැපුම් මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි. රටින් පොහොර එනකල් පොහොර සහනාධාර දෙනකල් ඉන්න අවශ්‍ය නැහැ. අපි අපේ අස්වැන්න නෙළලා ඉතිරිවෙන ටිකෙන් අපේ ඊළඟ වගාවට අවශ්‍ය පොහොර සපයගන්න පුළුවන්. හරි තීරණයක් නම් දැඩි තීරණයක් වුණාට කැමතියි. හිතන්න ස්වාමිපුරුෂයෙක් ජීවත් වෙන කාලෙ මොනතරම් බිරිඳ තම ව්‍යාපාරයට කැන්දන් ව්‍යාපාරය කරන හැටි උගන්වන්න හදනවා වුණත් බිරිඳ එන්නෙම නැහැ. ස්වාමිපුරුණයා මියගියා කියලා බිරිඳ ඒ වළට පැනලා වැළලෙන්නෙ නැහැනෙ. අන්න ඊට පස්සෙ බිරිද එම ව්‍යාපාරය යාවත්කාලීන කරගන්නවා. ඇතැම්විට ස්වාමිපුරුෂයාටත් වඩා හොඳින් කරනවා. ඒක නිසා එවන් තීරණ ගතයුතුවෙන්නෙ කඩිනමින් කියන එකයි මගේ හැඟීම. දැන් කහ ගේන්න තහනම් කළා. බලන්න ගෙවත්තක කහ පැළයක් දෙකක් අපි දකිනවා. මමත් ව්‍යාපාරිකයෙක් විදිහට දැඩි තීන්දු ගන්නවා. මීට වසර 14කට කළින් මම මේ ව්‍යාපෘතිය ආරම්භ කරද්දි කවදාවත් හිතුවෙ නැහැ රටේ කාබනික විප්ලවයක් ඇතිවෙයි කියලා. හැබැයි දැන් ඒ තත්ත්වය උදාවෙමින් තියෙනවා. ඒක එකපාර ගත්ත තීරණයක් වුණත් අද බොහෝ දෙනෙක් කාබනික පොහොරට නැඹුරු වෙලා. මීට පෙර අවස්ථා දෙකකදි ජනාධිපතිතුමා ඉන්න තැන සාකච්ඡාවකදි මම මේ පිළිබඳ පැහැදිළි කළත් එතන හිටපු නිලධාරීන්ට ඒක පැහැදිළිවුණු බවක් මම දැක්කෙ නැහැ. ඒ අයගෙ උන්නදුවක් තිබුණේ නැහැ අපිව උනන්දුකරලා මෙවැනි වැඩසටහන් ව්‍යාප්ත කරන්න. මම සමාජ මාධ්‍ය ඔස්සෙත් මේ පිළිබඳ දැනුම්වත් කිරීම් කරනවා. ඒ දේවල් දැකලා වෙන්න ඇති මට ජනාධිපතිතුමා මට කතා කළේ. එතුමා එහෙම වුණත් අපේ ඇතැම් නිලධාරීන්ගෙ මේ පිළිබඳ තියන උනන්දුව ගැන කනගාටුයි. ඒ අයගෙ සහයෝගය යම් යම් අවස්ථාවලදි අපේක්‍ෂා කළත් ඇල් මැරුණ ස්වභාවයෙන් තමයි කටයුතු කළේ. ඇතැම්විට ගැඩවිල් පොහොර ගැන කොම්පෝස්ට් ගැන ඒ උපදේශක මහත්වරුන්ගේ දැනුමත් අල්පයි. එවන් තත්ත්වයක් තුළ ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් දක්වපු උනන්දුව අගය කළ යුතුයි. ගැඩවිල් පොහොර නිෂ්පාදනයෙන් අක්කර 16ක උඩරට පහතරට එළවළු වවලා
 

More News..