brand logo

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

2 years ago

Share on

සුරාසැල් වැසෙන හේතුව මෙන්න

සුරාසැල් විවෘත කළ පසුගිය මාසයේ දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි. සුරාසැල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 - 70 ත් අතර ආදායමක් හිමිවන අතර මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ඔහු පවසයි. ලබන සතියේ දින දෙකක් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින, එනම් 20 වැනි පොහොය දිනයදා මෙලෙස සුරාසැල් වසා තැබෙන ඇත.

You may also like