brand logo
logo

‘මහින්ද‘ පලස්තීනයේ මහපාරට වැටෙයි

22 September 2021

පැරණි මිතුරාට OIC කළගුණ සලකපු හැටි

ශ්‍රී ලංකාව අඛණ්ඩව පලස්තීන අරගලය සඳහා සහයෝගය දුන් බවත් සඳහා කරන පිළිගැනීමක් වශයෙන් රාමල්ලාහි මාර්ගයක් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමින් නම් කොට ඇති බවත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා පවසා ඇත. නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති රැස්වීමක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්තාවේදී හෙතෙම මේ බව පවසා තිබෙනවා. පලස්තීන රාජ්‍යය ප්‍රථමයෙන් පිළිගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද වූ අතර, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංගමය පිහිටුවා, පසුගිය වසර 25 තුළ එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය හා එහි සාමාජික රටවල් අතර පවතින සමීප හා දිගුකාලීන සබඳතා මෙහිදී මහලේකම් අල්-ඔතායිමීන් මහතා අගය කර ඇත. කොවිඩ්-19 වසංගතයෙන් මියගිය මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් මුස්ලිම් සම්ප්‍රදායන්ට අනුව භූමදානය කිරීමට ඉඩ සැලසීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද ඔහු මෙහිදී අගය කර ඇත. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අන්තවාදය, ප්‍රචණ්ඩත්වය සහ වෛරයට එරෙහිව නැගී සිටින බව අවධාරණය කර ඇති ඔහු, ප්‍රජාවන් අතර ගැටුම් ඇති කරවමින් ලොව පුරා අසත්‍ය තොරතුරු පතුරුවන සමාජ මාධ්‍ය සහ වෙනත් මෙවලම් හේතුවෙන් වැරදි තොරතුරු ලබා දීම ඉහළ යන බව සඳහන් කර තිබෙනවා.
 

More News..