රුසියානු යුද නැව ගන්න කැබිනට් අනුමැතිය
5 years ago
Share on
රාජ්‍ය පදනම මත මිලදී ගැනීමට නියමිත ඩොලර් මිලියන 158ක් වටිනා යුද නැව මිලදී ගැනීම ගැනීම සඳහා කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ජෙපාඩ් 5.1නමැති මෙම නෞකාව රුසියාවේ රොස්‌බරොන් සමාගමේ උප ඒජන්තයකු වන රෝස්පෙත් නමැති ආයතනය හරහා මිලදී ගැනිමට නියමිතය. රජයේ ආරංචි මාර්ග අනුව මීට අදාළ ගිවිසුම ලබන 13 වනදා අත්සන් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මීට පෙර අවස්ථා තුනකදී නාවික හමුදාව විසින් පත්කළ කමිටු 3කින් ඉදිරිපත් කල මේම නැව සම්බන්ධයෙන් වූ තත්ත්ව වාර්තාවෙන් එය ප්‍රතික්ෂේප වූ අතර එහිදී නිගමනය වුයේ මෙවැනි විශාල මුදලකට එය මිලදී ගැනීමට නොවටිනා බවයි.
කෙසේ වෙතත් යළිත් වතාවක් රියල් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් නැව සම්බන්ධයෙන් මේ වන විට පත්කර ඇත.
මේ වන විටත් රොස්‌බරොන් සමාගමේ සහ රෝස්පෙත් උප ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ සිටි.
ඒ අනුව රොස්‌බරොන් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නියෝජිත පිරිස මේ සති අන්තයේ මෙරටට පැමිණීමට නියමිතය.
මෙම නැව මිලදී ගැනීමේ ගනුදෙනුවේ මෙරට කොන්ත්‍රාත් සමාගම ලෙස ඉන්දියාවට අනුබද්ධිත සමාගමක් කටයුතු කරනු ලබයි.