brand logo

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින්

2 years ago

Share on

ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 - 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය. අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය.

You may also like