ඡායාරූප ගත් වෛද්‍යවරයාට එරෙහිව තවත් වෛද්‍යවරියන්ගෙන් පැමිණිලි
13 July 2021
ඡායාරූප ගත් වෛද්‍යවරයාට එරෙහිව තවත් වෛද්‍යවරියන්ගෙන් පැමිණිලි
13 July 2021
මෙම පැමිණිල්ල කළ එක් වෛද්‍යවරියකගේද ඇඳුම් මාරුකරන ඡායාරූප විශාල ප්‍රමාණයක් ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. අනෙක් වෛද්‍යවරිය පැමිණිලි කර ඇත්තේ සැකකාර වෛද්‍යවරයා තමා සමග ෆේස්බුක් මාර්ගයෙන් ප්‍රේම සබඳතාවක් ඇතැයි අසත්‍ය තොරතුරු කියමින් වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට රිංගා ඇති බවය.රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයකට අයුතු ලෙස ඇතුළු වී ඇඳුම් මාරුකරන ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයාට එරෙහිව තවත් වෛද්‍යවරියන් දෙදෙනකු ද රාගම පොලිසියට පෙරේදා (14 වැනිදා) පැමිණිලි කර ඇත.
සැකකාර වෛද්‍යවරයා එළඹෙන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට පත් කර ඇති අතර ඔහුගේ දුරකථනය පොලිසිය භාරයට ගෙන විමර්ශන සිදු කරමින් පවතී. තිස්ස රවීන්ද්‍ර පෙරේරාසැකකාර වෛද්‍යවරයා මීට පෙර රාගම රෝහලේ සේවය කර 2017 දී ස්ථාන මාරු ලැබ ගොස් ඇත. පසුගිය ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලට පත්වීමක් ලැබ පැමිණි ඇත. ඔහු කල්මුණේ පදිංචි අයෙකි.