ඔන්ලයින් අරක්කු විකුණන්න අවසර දෙයි
16 June 2021
ඔන්ලයින් අරක්කු විකුණන්න අවසර දෙයි
16 June 2021
ඔන්ලයින් ක්‍රමයට මත් පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී ඇත.
දිගින් දිගටම බදු ආදායම අහිමි වීම නිසා ඇති වී ඇති පාඩුව පෙන්වා දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීම ට අවසර ලබා දෙන මෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම අවසරය හිමි වූ බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි.
[caption id="attachment_151787" align="aligncenter" width="450"]
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි[/caption]
කෙසේ වෙතත් ඔන්ලයින් ක්‍රමයට මත් පැන් අලෙවි කළ හැක්කේ කෝවිඩ් කමිටුවේ නිර්දේශ 11 කට යටත්ව බවත් හෙතෙම කියයි. මුදල් අමාත්‍යංශය විසින් ලබා දුන් අවසරය කොවිඩ් කමිටුවේ නිර්දේශ සඳහා යොමු කර ඇති අතර අද හවස රැස්වෙන කමිටුව මගින් අදාල නිර්දේශ 11 දැනුම් දෙනු ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.
නයන තරංග ගමගේ

