පන පිටින් වැළලුනු තම ස්වාමියන් කොයි වෙලේ හරි එයි කියලා රයිනි තාමත් මග බලනවා
2 years ago
Share on
දෙවනගල නායයාමෙන් තනි වූ රයිනි අරන් ගියේ හමුදාව නෙවෙයි උමේෂගේ පෙම්වතා
ඇගේ ඇස්වල තවම කඳුළු.... එදා මුළු ලංකාවේම අහස විලාප දෙමින් අඬන්නට ගත්තේ නවතින්න බලාගෙන නොවේ. ජුනි හතරවැනිදාට එළිවෙන්නටත් කලින් පටන්ගත් ඒ ඇඬුම එදා මුළු දවසමත් පසුදා උදේ වරුවේත් එක සීරුවට එලෙසම පැවතුණි. අවසානයේ පස්වැනිදා මොහොතකට වාගේ කෑගලු අහසේ ඇඬුම නැවතුණේ දෙවනගල කරම්පිටිය ගම්මානයේ 'රයිනිව' විලාපයෙන් හඬවමිනි. ඒ රයිනි පමණක් මිහිමත ඉතුරු කර ඈ ආදරෙන් බලාගත් නිවසේ වුන් සියල්ලෝම පණ පිටින් මිහිදන්ව සිටි නිසාය. [caption id="attachment_151234" align="alignnone" width="534"]

වෙලාව උදෑසන හය පමණ වී තිබුණි. දෙවන ගල වටා ඇති විශාල පස් කන්දක් ගස්, ගල්, බොරළු, ජලය හා මුසුව පෙරළී විත් උමේෂලාගේ ගෙය තිබූ තැන සලකුණක් හෝ නොපෙන්වා වසා දැමුණේය. එය ඒ සැනින් ගමම දැනගත්තේ ඒ මොහොතේ කරම්පිටිය ගමේ පී.පේමරත්න හරකා දිගේලි කරන්නට ඒ වැස්සේම යද්දී මේ භයංකර දසුන ඇසට හසුවූ නිසාය. [caption id="attachment_151241" align="alignnone" width="556"]දවස උදා වෙද්දී පරිසරයේ ඇතිවන්නට යන දරුණු විනාශය රයිනිගේ ඉවට දැනුණේය. ඒ නිසා මොහොතක් පමා නොවී රයිනි ඒ නිවසෙන් මග හැර තිබුණි. රයිනිට දැනුණු ඒ මහා විපත්තිය සිදුවන්නට මහා වේලාවක් ගියේ නැත.

ඒ සිද්ධිය ගමේ තවත් අයට කී පේමරත්න ගම්මුන් හා එහි ආවේ ඒ නිවසේ කාටත් කරදරයක් නැතුව ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත බේරා ගන්නටයි. ඒත් ඒ ජීවිත බේරනවා තියා ඔවුන් මිහිමත සැඟව ගියේ කොතැනදැයි කියා සිතා ගන්නවත් බැරි තරමට ඒ පළාතම පස්, ගල්, බොරළු සහ ගැළවී විත් තිබූ ගස්වලින් වැසී තිබුණි. නිවසේ සාමාජිකයන් සියල්ලෝම ගෙයත් සමග පස් යට මිහිදන් වූවත් නිවසේ හැදුණු රයිනි පසින් වැසී ගිය භූමිය පුරා අමුතු හඬක් නගමින් දුවන අයුරු ගම්වැසියන්ට පෙනිනි. " පුදුමයි.. බල්ලා බේරිලා.. " සතා දුටු අයෙක් කීවේය. " සත්තුන්ට ඔය ස්වභාවික ආපදා කලින් දැනෙනවා කියනවනේ.. ඌ පනින්න ඇති.." තවත් අයෙක් කීවේ වැහි පොද මැද්දේ තෙත පස්වලට හොම්බ තද කරමින් එහා මෙහා දුවන රයිනි දෙස බලාගෙනමය. " බල්ලා එයාගේ ගෙදර මිනිස්සු හොයනවා. " රයිනිගේ හැසිරීම දෙස එසේ අනුකම්පාවෙන් බැලුවන් සේම රයිනිගේ හැසිරීම කරදරයක් කොට සතා එතැනින් එළවා දමන්නට වෙහෙසුණ ගම්වැසියෝද වූහ. [caption id="attachment_151245" align="alignnone" width="456"]"එතකොටත් වහිනවා. මම ගියේ හරකා බැඳලා හිටපු තැනින් අයි කරලා වෙන තැනක බඳින්න. ඒ ගිහින් හරකා බැඳලා තිබ්බ ඉන්න වෙන තැනකට මාරු කරන්න ගලවද්දි ලොකු සද්දයක් එක්ක එක පාරටම ගස්, ගල් එක්ක පෙරළිලා ආව පස් කන්දක් හිතන්නවත් බැරි වේගයකින් පෙරළාලා ආවා. මට මොකුත් හිතාගන්න බැරිවුණා. ඒත් විජේරත්නලාගේ එතැන තිබ්බ ගේ පේන්නවත් තිබ්බෙ නෑ..."


රයිනිගෙන් හෝඩුවාවක්
එසේ දුක බෙදා ගත් රයිනි එහි කනින බැකෝ අතරින් මිනිසුන් අතරින් කිසිවෙකුගේත් අවධානයක් නැති තැනකට ගොස් වේගයෙන් දෑතින් පස් පහුරු ගාන්නට ගත්තේය. ඒ වනවිටත් මිහිදන් වූවන් ගැන හෝඩුවාක් නොවූයෙන් රයිනි දෙන්නේ හෝඩුවාවකැයි සිතූ හමුදා කණ්ඩායම් එතැන පස් ක්‍රමානුකූලව ඉවත් කරන්නට ගත්තේය. [caption id="attachment_151251" align="alignnone" width="524"]
රයිනිගේ දුක්මුසු ඉරියව් දෙස අන් කාටත් වඩා බලා ඩිටින්නට බැරි වූයේ උමේෂාගේ පෙම්වතාටය. කාත් කවුරුත් නැතුව දුකින් වැළපෙන රයිනි ඒ පොළවේ දමා එන්නට තරුණයාට සිතුණේම නැත. ඒ නිසා ඔහු එතැනින් යන විට රයිනි රැගෙන ගියේය.පුදුමය එයය. රයිනි කී හෝඩුවාව හරියටම හරිය. උදේ පටන් රයිනි මේ පණිවුඩය බොහෝ දෙනෙකුට දෙන්නට උත්සාහා කළත් කිසිවෙකුත් රයිනි ගණන් නොගත් නිසා ඒ පණිවුඩය මගහැරී ගොස් තිබුණි. වහ වහා හමුදා කණ්ඩායම ගම්වැසියන් හා එක්ව මිහිදන් වූ මිහිමතින් ගොඩට ගන්නා විටත් සිව් දෙනම නොඑන ගමන් ගොස් තිබුණි.
[caption id="attachment_151250" align="alignnone" width="596"]සිරුර එකිනෙක ගොඩගත් අවස්තාව[/caption]
ඒ තරුණයාගේ සෝබර හඬයි. " මෙයාට තවම මාස හතයි. ගෙදර අය හරි ආදරෙන් තමයි හැදුවෙ. මමත් වේදනාවෙන් ඉන්නෙ. ඒ සිද්ධිය මට මහා කම්පනයක්. ජීවත්වෙලා ඉන්නතාක් කල් ඒ කම්පනය මට තියෙයි. සතත් වේදනාවෙන් ඉන්නේ. දැන් ටික ටික අපේ ගෙදර පරිසරේට එයා හුරුවෙනවා. මම සමාජ මාධ්‍යයකවත් රයිනි ගැන පෝස්ටුවක් යන්න ඉඩ නොදී ඉන්නේ එයාට මම ගොඩාක් ආදරේ නිසයි. උමේෂා හදපු හින්දා නෙවෙයි මං මේ කියන්නෙ. රයිනි කියන්නේ හුඟක් හොඳ ගතිගුණ තියෙන සතෙක්. අදටත් තාමත් එයාගෙ ඇස්වල දුක තියෙනවා. මග බලනවා. මට රයිනිගෙ ඒ වෙනස තේරෙනවා. ඒ දවස්වල නිතරම මට උමේෂගෙ ගෙදරදි රයිනි හමුවූ නිසා එයාගෙ වෙනස හොඳින්ම මට දැනෙනවා." [caption id="attachment_151256" align="alignnone" width="378"]" ඉන්පස්සෙ කතාව ගියේ රයිනි කෑගල්ල හමුදා කඳවුරට අරන් ගියා කියලා. හමුදා කඳවුරට නෙවේ රයිනි අරන් ආවේ, අපේ ගෙදරටයි. එයා හරි පව්. පුදුම දුකකින් ඉන්නේ. සත්තු තමන්ව ආදරෙන් බලාගන්න මිනිස්සුන්ට කොච්චර ආදරේද කියලා රයිනිම සාක්කියක්. ගෙදර ගෙනාව මුල් දවස්වල කෑමවත් කෑවෙ නෑ. දුකෙන් එක තැනකට වෙලා බලාගත්ත අත බලාගෙන හිටියා. හරියට කවුරුහරි එනකල්වගේ පාර බලනවා. අපේ ගෙදරත් බල්ලෙක් හදනවා. එයත් එක්ක යාළුවුණාට පස්සෙ ඒ දුක ටික ටික නැතිවෙලා යයි. "


සමන් විජය බණ්ඩාර මාවනැල්ලතමන් විවාහ වන්නට සිටි ආදරවන්තිය දෛවයේ නපුරුම දඬුවමකට හසුවී දිවියෙන් සමුගෙන ගියේ ඒ තරුණයාගේ දුරකතනයේ වූ ඇගේ සේයා රූත් ලියූ දේවලුත් හැර ඈ පිළිබඳ කිසිදු මතක සිහිවටනයක් මිහිමත නොතබාය. ඈ තබා ගියේනම් ඒ රයිනි පමණි. ඒ නිසාම ඈ ආදරයෙන් හැදී රයිනිව ඒ ආදරෙන් ජීවත්වනතුරා බලාගන්නට ඔහු උමේෂාගේ නාමයෙන් හදවතට ගිවිස සිටින්නේය.