අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව කටයුතු කරන්නැයි පෙත්සමක්
14 October 2026
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව කටයුතු කරන්නැයි පෙත්සමක්
14 October 2026
ශ්රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ අක්රමිකතාවක් තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර යන අය විසින් රුපියල් මිලියන 50 බැගින් රජය වෙත වන්දි ගෙවිය යුතු බව ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මාර්තු මස 27 වනදා තීන්දුවක් ලබාදී තිබුණි.
වගඋත්තරකරුවන් මෙම තීන්දුවට අනුව කටයුතු නොකිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් එම පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව අධිකරණ නියෝග ක්රියාත්මක කිරීම පැහැර කරනු ලැබූ අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105(3) ව්යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ පෙත්සම තුළින් වැඩිදුරටත් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

