brand logo
logo
තරගාවලි ජය පාකිස්ථානයට

තරගාවලි ජය පාකිස්ථානයට

11 October 2026

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්විය.


ඒ දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 82කින් ජයගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 215කි.


එහිදී මාස් සදකත් ලකුණු 96ක් සහ සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 73ක් ලබාගත්හ.

පන්දුයැවීමේදී දසුන් ශානක, එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ එක්කඩුල්ල බැගින් බිඳහෙළුහ.


ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණය.

එහිදී චමිදු වික්‍රමසිංහ ලකුණු 29ක් සහ සිනෙත් ජයවර්ධන ලකුණු 22ක් රැස්කරගත්හ.

පන්දුයැවීමේදී මොහොමඩ් ඉම්රාන් කඩුලු 3ක් දවාගත්තේය.

තරගය පැවැත්වුණේ, රාවල්පින්ඩි හිදීය.

 

More News..