පේරාදෙණිය පොලීසියටත් කොවිඩ් යයි
3 years ago
Share on
පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මේ හේතුවෙන් පේරාදෙණිය පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 5දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
අදාළ කොවිඩ් ආසාදිත නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලීසියට පැමිණ ඇති බවත්, උණ ගතිය ඇති බව පැවසීමෙන් පසුව ඒ මොහොතේම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවද සුදත් මාසිංහ මහතා සදහන් කරයි.
එම පොලිස් නිලධාරියාගේ නිවසේ අයද හාල් මිලදි ගත් හාල් මෝලේ අය සහ තවත් භාන්ඩ මිලදි ගත් වෙළද සැලක අයද ස්වයං නිරෝධායනයට ලක් කල බවද පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
පොලීසියට පැමිණෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව පතා ඊයේ (15) රාත්‍රීයේදීම පොලීසියේ සියලුම භාණ්ඩ හා පොත් පත් විශබීජ හරණයට ලක් කළ බවද පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වැඩිදුරටත් පැවැසිය.