හැදුනුම්පත් එක්දින සේවාව දින කිහිපයකට අත්හිටුවයි
2 years ago
Share on
ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක්දින සේවාව දින කිහිපයකට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අත්හිටුවා තිබේ.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ මෙම සේවාව අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ හා ගාල්ල, මඩකලපුව, වවුනියාව සහ කුරුණෑගල පළාත් කාර්යාලවල ඉහත දිනයන් හි සේවාවන් නොපැවැත්වේ.
කෙසේ වෙතත් හදිසි අවශ්‍යතාවක් සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකින් මහජනතාවට තම කටයුතු ඉටු කර ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.