brand logo
logo
අමෙරිකාවේ ගුවන්තොටුපොළක් ආසන්නයේ යානයක් අනතුරකට ලක්වෙයි

අමෙරිකාවේ ගුවන්තොටුපොළක් ආසන්නයේ යානයක් අනතුරකට ලක්වෙයි

08 September 2026

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටයිටස්විල් නගරයේ Space Coast ගුවන්තොටුපොළ ආසන්නයේ කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා මියගොස් තිබේ.


එක් එන්ජිමකින් සමන්විත මෙම ගුවන් යානය, ගුවන්තොටුපොළ ආසන්නයේ මාර්ගයකට කඩා වැටීමට පෙර විදුලි රැහැනක ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් පවසා ඇත.


අනතුරෙන් පසු ගුවන් යානය ගිනි ගෙන ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස අදාළ මාර්ගය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණි.


අනතුරට ලක්ව ඇත්තේ Mooney M20F වර්ගයේ ආසන හතරකින් යුත් ප්‍රොපෙලර් ගුවන් යානයක් බව අමෙරිකාවේ ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB) පවසයි.


අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ ගුවන් නියමුවා පමණක් වන අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැති බව ටයිටස්විල් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


අනතුරෙන් පසුව අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම ද විසන්ධි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.


මෙම අනතුර සිදුව ඇත්තේ මයිඇමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට පත්වී පැය 24කටත් අඩු කාලයකදී වීම විශේෂත්වයකි. එම අනතුරෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු බරපතළ තුවාල ලැබීය. 

 

More News..