Best News Website award
brand logo
logo
අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 27,581කට අධික ආදායමක්

අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 27,581කට අධික ආදායමක්

28 November 2026


2025 ජනවාරි මාසයේ සිට 2026 ඔක්තෝබර් 31 වැනිදා දක්වා කාලය තුළ දිවයිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 27,581.40ක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (28) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.


පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඉදිරිපත් කළ දත්තවලට අනුව, එක් එක් අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම් පහත පරිදි වේ:


දක්ෂිණ අධිවේගී මාර්ගය (කොට්ටාව - මත්තල): රුපියල් මිලියන 11,486ක්


මධ්‍යම අධිවේගී මාර්ගය (මීරිගම - කුරුණෑගල): රුපියල් මිලියන 7,282ක්


කටුනායක අධිවේගී මාර්ගය (පෑලියගොඩ - කටුනායක): රුපියල් මිලියන 2,560.05ක්


මෙම ප්‍රධාන අධිවේගී මාර්ග තුනෙන් පමණක් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 21,328.05ක් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


මීට අමතරව, පිටත වටරවුම් අධිවේගී මාර්ගයෙන් ද අදාළ කාලසීමාව තුළ රුපියල් මිලියන 6,251ක ආදායමක් උපයා ඇති බවත්, ඒ අනුව මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ මුළු ආදායම රුපියල් මිලියන 27,581.40ක් බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..