කැලිෆෝනියාවේ වෙඩි තැබීම් දෙකකින් 7දෙනෙකු මියයයි
7 days ago
Share on
කැලිෆෝනියාවේ හාෆ් මූන් බේ වෙරළබඩ නගරයේ ස්ථාන දෙකක තවත් වෙඩි තැබීම් දෙකක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් ඇති බවයි.
සිද්ධියෙන් මියගිය සිව්දෙනෙකු ගොවිපොළ සේවකයින් වන අතර සෙසු තිදෙනා වාහන අලෙවි කරන ස්ථානයක සේවය කළ පුද්ගලයින්ය.
වෙඩික්කරු අත්අඩංගුවට ගැණුනත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.