brand logo
logo
නවසීලන්තය ලෝක වාර්තා කිහිපයක්ම තබමින් තරගය ජය ගනී

නවසීලන්තය ලෝක වාර්තා කිහිපයක්ම තබමින් තරගය ජය ගනී

10 February 2026

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් UAE කණ්ඩායම කඩුළු 6ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 173කි.


අනතුරුව පිටියට පැමිණී නවසීලන්ත පිල පන්දුවාර 15යි පන්දු 2කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 175ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.


එය, පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ, කණ්ඩායමක් කිසිදු කඩුල්ලක් නොදැවී හඹා ගොස් රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට අද එක් වුණි.


එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලයක් වන ගුප්ටිල් සහ පිලිප්ස් පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 105ක වාර්තාව ද අද ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් බිද දැමීමට සමත් විය.

 

More News..