Best News Website award
brand logo
logo
 අඹුසැමි යුවලකට පහරදී යතුරුපැදියත් කොල්ලකයි

අඹුසැමි යුවලකට පහරදී යතුරුපැදියත් කොල්ලකයි

12 November 2026


බුත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට සහ ඇගේ ස්වාමිපුරුෂයාට අතින් පයින් සහ ආරක්ෂිත හිස් වැසුමෙන් පහරදී යතුරුපැදිය සහ ජංගම දුරකථනය කොල්ල කෑ සැකකරුවෙකු ඊයේ (11) වැල්ලවාය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


එම අඹුසැමි යුවල 2025 වර්ෂයේදී බුත්තල වෙළෙඳ ප්‍රදර්ශනාගාරයකින් UPBEJ 81 75 දරණ යතුරුපැදිය මිලදීගෙන ඇත.


එම යතුරුපැදිය පුරුෂයාගේ නමට ලියාපදිංචි කර ගැනීම සඳහා එම ආයතනයට ගොස් ඇති අතර ආයතනයෙන් පවසා ඇත්තේ එහි පෙර අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් රැගෙන එන ලෙසයි.


ඒ අනුව ඔවුන් දෙදෙනා යතුරුපැදියේ පෙර අයිතිකරු වන වැල්ලවාය පේරකැටිය පදිංචි අයකුගේ නිවසට ගොස් තිබේ.


එහිදී පිටතට පැමිණි සැකකරු බැණ වදිමින් අතින් පයින් සහ ආරක්‍ෂිත හිස් වැසුමෙන් බිම පෙරළාගෙන පහරදී ඇත.


පසුව ඔහුගේ රුපියල් පනස් පන්දහසක් වටිනා ජංගම දුරකථනය සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක් වටිනා එම යතුරුපැදිය රැගෙන පළා ගොස් තිබේ.


පහර කෑමෙන් ස්වාමිපුරුෂයාට වමනය සහ පපුවේ අමාරුව ඇතිවීම නිසා ත්‍රීරෝද රථයකින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්වී ඇත.


සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව අදාළ සැකකරු යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථන මෙතෙක් සොයාගෙන නොමැත.


වැල්ලවාය පොලිස් ස්ථානාධිපති දිනේෂ් රත්නායක පරීක්ෂණ පවත්වයි.


 

More News..