Best News Website award
brand logo
logo
පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිරයි

පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිරයි

11 November 2026


බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව අසල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩුවර ප්‍රදේශයේදී අද (11) සවස 7.50 ට පමණ මෙම හදිසි ආපදා තත්ත්වය වාර්තා වී ඇත.


පස් කන්ද කඩා වැටීමත් සමඟ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, මේ වන විට අදාළ අංශ විසින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතී.


එබැවින්, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මගීන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීහු දැනුම් දෙති.

 

More News..