brand logo
logo
බිත්තර මිල ඉහළ යාම ගැන රජය වගකිව යුතුයි

බිත්තර මිල ඉහළ යාම ගැන රජය වගකිව යුතුයි

20 July 2026 | මනුසත් සේරසිංහ -කුලියාපිටිය


බිත්තර මිල ඉහළ යාම සම්බන්ධව මේ රජය හා දෙපාර්තමේන්තුව සෘජුව වගකිවයුතු යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.


හෙතෙම මේ බව පැවසූයේ බිත්තර මිල සංශොධනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීය.


එහිදී අදහස් දක්වමින් සරත් රත්නායක මෙසේද පැවසීය.


අද වන විට ඉරිඟු ආනයනය මුළුමනින්ම නවතා දමා තිබෙනවා. දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර නිෂ්පාදනයට තරම් නොවේ. සහල් මේ සඳහා භාවිතා කරන්න කියලා රජයෙන් නිවේදන නිකුත් කළත් එය කළ හැක්කක් නෙවෙයි. ඉරිඟුවලට මොනයම් හෝ ආදේශකයක් භාවිතා කිරීම සතාගේ ජීවිතයට ගැටලුවක්. සහල් ආදී විවිධ ආදේශක භාවිතා කිරීමෙන් සතුන්ට සෙමින් හා උදරයේ ආසාදන නිරන්තරයෙන් ඇතිවීමත් ඒ හරහා සියයට විස්සකින් තිහකින් බිත්තර නිෂ්පාදනය අවම වීම ගොවීන් දැඩි මුහුණපාන ගැටලුවක්. එමෙන්ම විවිධ වූ කූට වෙළෙඳුන් සත්ව ආහාර නිෂ්පාදනය රසායනික ද්‍රව්‍යවලට හා ඖෂධවලට කලවම් කිරීම මගින් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. එය ගොවියාට දරාගත හැකි පාඩුවක් නෙවෙයි. සත්ත්ව ආහාරවලින් ගුණාත්මක භාවය ගිලිහී යාම නිසා දෛනික බිත්තර නිෂ්පාදනය දැවැන්ත ලෙස පහත බැස තිබෙනවා.

 

More News..