රජයේ විධායක නිලධාරීන් හෙට වැඩවර්ජනයක
19 November 2026
රජයේ විධායක නිලධාරීන් හෙට වැඩවර්ජනයක
19 November 2026
අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට(20) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව අද නිවේදනය කළේය.
"හෙට දින රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් එක්ක දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් කිරීමට තීරණය කරලා තියෙනවා. ඒකට ඇත්තටම හේතුවුණේ රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන විධායක ශ්‍රේණි 20ක් නොසලකා හරිමින් 2027 අයවැය යෝජනා මගින් මේ රටේ විධායක සේවාවන්හි තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් අරගෙන රජය විසින් දීමනා ඉහළ නැංවීමක් සිදුකර තිබෙනවා"
මේ අතර මෙවර අයවැයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබානොදීමට විරෝධය පළකරමින් නොවැම්බර් 23 වැනිදා ගුරු විදුහල්පති සංගම් විරෝධතාවයක නිරත වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසීය.
"ඔබ දන්නවා මේවන විට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයට අදාළ සියලුම ආයතනවල සේවකයෝ තමන්ගේ විරෝධතා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනාටම රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා දිය යුතුයි කියන ඉල්ලීම වෘත්තීය සමිති විසින් ඉල්ලීම් සිදුකරමින් ඉන්නවා. ප්‍රධාන විදුහල්පති සංගම් 7ක් සහ ගුරු සංගම් 20කට ආසන්න සංඛ්‍යාවක් එකට එක්ව පෙළගැහිලා ඉන්නවා ලබන 23 වෙනිදා විරෝධතාවය දියත් කරන්න"


