brand logo
logo
එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

01 October 2026


ගාල්ල පොලිස් වසමේ අම්බලන්වත්ත ප්‍රදේශයේදී එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඊයේ (30) දහවල් එයාර් රයිෆලය ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබු කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.


එලෙස මියගොස් ඇත්තේ, 57 හැවිරිදි දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියකි.


මියගිය කාන්තාව තවත් කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු සමග මවුන්ට්හෝල් වත්ත අම්බලන්ගොඩ ලිපිනයේ පිහිටි නිවසක සේවය කරන අතර එදින දහවල් කාලයේදී වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.


මෙම සිදුවීමට සැකපිට එහි සේවය කරමින් සිටි අනෙක් කාන්තාව ගාල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..