brand logo
logo
වන මැද පුංචි කටු මැටි පැලක තුන් නිවුන් පිරිමි දරු උපතක්

වන මැද පුංචි කටු මැටි පැලක තුන් නිවුන් පිරිමි දරු උපතක්

15 May 2024

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ නිවසක ජීවත්වන 25 හැවිරිදි තරුණ මවකට අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුව තිබේ.


ඇය දිවා කාලයේදී කටු මැටි ගැසූ නිවසේ ජීවත් වුවද රාත්‍රි කාලයේදී ගසක් උඩ පැලක රැය පහන් කරනු ලබන්නේ අලින්ගෙන් බේරීම සඳහාය.


මෙම මවට තවත් අවුරුදු 03ක පුංචි දියණියක්ද සිටින අතර මිට පෙර නිවුන් පුතුන් දෙදෙනෙක් අහිමි වූ බවද පැවසේ.


ගිහානි සුපෙෂලා කුමාරි නමැති ඇයගේ ස්වාමිපුරුෂයා අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවේ.


කෙසේ වෙතත් එම දරුවන් සහ මව දඹුල්ල රෝහලෙන් රැගෙන ආ පෙරේදා 14 අධික වර්ෂාපතනයක් ඇදහැළුණු අතර එම නිසා අලුත උපන් දරු තිදෙනා මොරදී හඬද්දී පියාත් මවත් සංවේදී වන අයුරු දැක ගැනීමට හැකිවිය.


දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ මෙම ගමට යා යුතුව ඇත. මෙම දරුවන් රැගෙන යාමට ත්‍රිරෝද රථයක් ගෙනවිත් තිබුණේ අබාධිත පියාට හැකි ආකාරයටය. එහෙත් වර්ෂාව නිසා එම රථයෙන් දරුවන් ගෙන යන්නට නොහැකි වූ තැන මාධ්‍යවේදීන් ඒ සඳහා ගමන් පහසුකම් ලබාදෙන්නට ඉදිරිපත් වී තිබුණි.


ටකරන් තහඩු සෙවිලි කළ මෙම නිවසට විදුලිය, ජලය කිසිවක් නොමැත.

"ඇඳුම්, සබන්, මදුරු දැල් ආදී පැටවුන්ට අඩුපාඩු රැසකි. මේ පැටවුන්ට ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න. හැකිනම් ඒක මහා ශක්තියක්" බව මව පැවසුවාය.

 

More News..