ඩෙංගු මදුරුවා පෑවිල්ලෙන් මට්ටු වෙයි
31 July 2026 | ශිරාන් රණසිංහ
ඩෙංගු මදුරුවා පෑවිල්ලෙන් මට්ටු වෙයි
31 July 2026 | ශිරාන් රණසිංහ
වියළි කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන් හමුවීම ක්‍රමානුකූලව පහළ යමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
ඒ අනුව ගෙවී ගිය පැය විසිහතර කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 430 ක් අලුතින් හමුවී ඇත. ඒ අනුව වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 84,091 ක් හමු වී ඇත. ඩෙංගු මරණ සංඛ්‍යාව 61 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගීන් 84,091 ක් හමුවන තත්ත්වයක් තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව මේ මට්ටමින් පාලනය කර ගැනීමට හැකිවීම වැදගත් බවද එම ඒකකය කියයි. මෙරටින් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 2017 වසරේ දීය. එම වසරේදී ඩෙංගු රෝගීන් 187,000 ක් වාර්තා වූ බවත්, ඉන් පුද්ගලයන් 447 ක් නිරපරාදේ මියගිය බවත් එම ඒකකයේ වෛද්‍යවරු පවසති.

