brand logo
logo
කැනේඩියානු පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්

කැනේඩියානු පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්

30 April 2025 | එෆ්. අස්ලම්

කැනේඩියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ශ්‍රී ලාංකිකයන් හයදෙනකු අතරින් තිදෙනකු මැතිවරණය ජයග්‍රහණය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.


මෙම මැතිවරණයට කැනේඩියානු ලිබරල් පක්ෂය නියෝජනය කරමින් තිදෙනෙක්, කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් දෙදෙනෙක් සහ හරිත පක්ෂයෙන් එක් අපේක්ෂකයෙක් වශයෙන් ශ්‍රී ලාංකික අපේක්ෂකයන් හයදෙනකු තරග කළහ.


ඉන් ලිබරල් පක්ෂයෙන් තරග කළ තිදෙනා වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.


කැනඩාවේ ඕක්විල් නැගෙනහිර ඡන්ද බල ප්‍රදේශයෙන් තරග කළ අනිතා ආනන්ද්, ස්කබර්ග් ගයිඩ්වුඩ් රෆ් පාක් ඡන්ද බල ප්‍රදේශයෙන් තරග කළ ගෙරී ආනන්ද සංගරී සහ බෘෘක්ලින් ඡන්ද බල ප්‍රදේශයෙන් තරග කළ ජුනිතා නාදන් යන අපේක්ෂකයන් මෙලෙස කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.


ඒ අනුව අනිතා ආනන්ද් මනාප විසිඅට දහස් හාරසිය අනූඅටක්, ගෙරී ආනන්ද සංගරී මනාප තිස් තුන් දහස් එකසිය හැට හතරක් සහ ජුනිතා නාදන් මනාප විසි හතර දහස් නවසිය පනස් එකක් ලබාගෙන තිබිණි.


ලිබරල් පක්ෂය එරට පාලන බලය නතුකර ගැනීම හේතුවෙන් ඔවුන් තිදෙනාට එරට ඇමැති ධුර ද හිමිවනු ඇතැයි පැවසේ.

 

More News..