brand logo
logo
රුසියාවේ සහ යුක්‍රේනයේ හදිසි අනතුරු ඇඟවීමේ යෙදුම්වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

රුසියාවේ සහ යුක්‍රේනයේ හදිසි අනතුරු ඇඟවීමේ යෙදුම්වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

02 November 2026


රුසියාවේ සහ යුක්‍රේනයේ හදිසි අනතුරු ඇඟවීමේ යෙදුම්වලට දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.


රුසියාවේ හදිසි අනතුරු ඇඟවීමේ යෙදුම 'දැවැන්ත සයිබර් ප්‍රහාරයකට' ලක්ව ඇති බවට රුසියාව පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.


යුක්‍රේනය ද මීට පෙර හැකර් ප්‍රහාරයකට ලක් වූ බව වාර්තා වී පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය දෙරට අතර සිදුවූ සයිබර් ප්‍රහාර හුවමාරුවක් ලෙස සැකපල කරයි.


දෙරට අතර පැවති දිගම සටන් විරාමය අවසන් වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.


මොස්කව් හදිසි අවස්ථා අමාත්‍යාංශය සඳහන් කළේ, ඩ්‍රෝන ප්‍රහාර සහ වෙනත් තර්ජන පිළිබඳව මහජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති එම යෙදුම ඔස්සේ හැකර්වරුන් විසින් අසත්‍ය තොරතුරු පළකර ඇති බවයි.

 

More News..