brand logo
logo
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

19 May 2026


අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.


පසුගිය පෙබරවාරි මස 16වනදා සිදුකළ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද මෝටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙලෙස සහාය ඉල්ලා තිබේ.


මෙම සැකකරුගේ විස්තර පහතපරිදි වේ.


නම - කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ

ලිපිනය - වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව

ජා.හැ.අංකය -199714103549


සැකකරුගේ ඡායාරූපය - 



මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය - 071- 859 2279

ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය - 071- 859 6065


 

More News..