roadBlockAd
brand logo
logo
ෂාරුක් වෙනුවට රිතික් එයි

ෂාරුක් වෙනුවට රිතික් එයි

24 July 2025 | සාලිය කුමාර ගුණසේකර



‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ (City of Dreams Sri Lanka) සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය සුපිරි නළු රිතික් රෝෂන් සහභාගිවීමට නියමිතය.


මෙම උත්සවය කොළඹදී අගෝස්තු මස 02 වැනිදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සැලසුම් කර ඇත.


මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මීට පෙර සහභාගිවීමට නියමිතව සිටියේ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ය. ඔහු සහභාගී වන බව දැනුම් දීමෙන් පසු ඒ වෙනුවට සුපිරි නළු රිතික් රෝෂන් සහභාගිවීමට නියමිතය. ඔහු Krrish, War සහ Super 30 ඇතුළු චිත්‍රපට රැසක සාර්ථක රංගනයක නිරත වූ අයෙකි.


‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ (City of Dreams Sri Lanka) මගින් නවීන පන්නයේ හෝටල් කාමර, විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, සුපිරි සාප්පු සවාරි සහ විනෝදාස්වාද අත්දැකීම් ආදී සුවිශේෂී අත්දැකීම් ලබාදීමට නියමිතය.


මෙම උත්සව මාලාව මගින් කොළඹ නගරය වඩාත් නිර්මාණාත්මක සහ කලාපීය සහයෝගීතාවය සහිත නව මානයකට ගෙන යන බව එහි සංවිධායකයෝ පැවැසූහ.

 

More News..