ධීවරයන්ගේ සුරක්ෂිතතාව උදෙසා විශේෂ පුහුණු වැඩසටහනක්
20 August 2026
ධීවරයන්ගේ සුරක්ෂිතතාව උදෙසා විශේෂ පුහුණු වැඩසටහනක්
20 August 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්‍රථමාධාර වැඩසටහනක් පෙරේදා දින හම්බන්තොට ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදාව, සමාජමය වශයෙන් ප්‍රජාව බලගැන්වීම යටතේ, දකුණු නාවික විධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
ඒ මඟින්, තුවාල සිදුවීම්, රුධිර වහනය, පිළිස්සුම්, සිහිසුන් වීම සහ මුහුදු පරිසරය තුළ ඇතිවිය හැකි හදිසි සෞඛ්‍ය තත්ත්වයන්හිදී ලබාදිය යුතු ප්‍රථමාධාර හා එවැනි හදිසි අවස්ථාවක් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කර තිබේ.

