brand logo
logo
බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාව

බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාව

14 August 2023 | සාලිය ගමසිංහආරච්චි - කෑගල්ල

ලංකාවේ පළමු වරට මීටර් 124ක් (අඩි 410ක්) පොළොව යට භූගත ආපන ශාලාවක් අවසරලත් නරඹන්නන් වෙනුවෙන් බෝගල මිනිරන් පතලේදී පෙරේදා (12) ආරම්භ කළ බව බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ පැවැසීය. 


අභාවප්‍රාප්ත විජය ප්‍රසන්න මලලසේකරගේ 78 වැනි ජන්ම දිනය යෙදී තිබුණු පෙරේදා මෙතෙක් බෝගල ඇල්ෆ්‍රඩ් ආවාටය නමින් භාවිත කළ පතල මලලසේකර මිනිරන් පතල ලෙස නම් කෙරිණ.


බෝගල මිනිරන් පතලේ දැනට ගැඹුර මීටර් 476කි. අඩි 1,585කි. මීටර් 124 ක් (අඩි 410) ගැඹුරුට බැස ගත් විට විදේශිකයන් කැණීම් සිදු කර ඇති පළමු දොනාව හමුවෙයි. එම දොනාවේ මීටර් 150ක් පමණ ගිය තැන නව භූගත ආපන ශාලාව ස්ථාපනය කර තිබේ. 


ආපන ශාලාවක් දොනාවක් තුළ ලංකාවේ පළමුවරට ස්ථාපනය කර ඇත්තේ බෝගල මිනිරන් පතලේ බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ පවසයි. මෙම ආපන ශාලාවේ වරකට පහළොස් දෙනෙකුට ආහාර භුක්ති විදිය හැකිය. මලලසේකර පතල අභ්‍යන්තරයට අවශ්‍ය ඔක්සිජන් යන්ත්‍රානුසාරයෙන් සැපයෙන අතර වයිෆයි පහසුකම්ද සපයා ඇත.

 

More News..