brand logo
ගල්කිස්සේ නිවසක ව්‍යාපාරිකයෙක් ඝාතනය කෙරේ

ගල්කිස්සේ නිවසක ව්‍යාපාරිකයෙක් ඝාතනය කෙරේ

2 months ago

Share on

ගල්කිස්ස සේරම් පාරේ දෙමහල් නිවසකදී ව්‍යාපාරිකයෙකුව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.


ගල්කිස්ස පොලීසිය පැවසුවේ එම ව්‍යාපාරිකයාගේ මස්සිනා විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි.


අද (31) පස්වරු 5.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇත.


සිද්ධිය වන අවස්ථාවන වන විට මියගිය පුද්ගලයා තම බිරියගේ සොහෝයුරා සමග මත්පැන් පානය කරමීන් සිට ඇති බවත් ඒ අතරතුර තම බිරිඳගේ සොහෝයුරා තියුණු ආයුධ යොදාගන මෙම පුද්ගලයා උඩු මහලේදී ඝාතනයට ලක්කර නිවසින් පලාගොස් ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.


මෙම ඝාතනය දේපල ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇතිබව පොලීසිය සදහන් කරයි.


මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබයි.

You may also like