brand logo
logo
කොත්මලේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු ජීවිතක්ෂයට

කොත්මලේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු ජීවිතක්ෂයට

23 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


කොත්මලේ කොටහේනපිටිය සිට කඩදොර දක්වා ධාවනය වු බොලරෝ වර්ගයේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම කැබ් රථයෙ ගමන් ගත් රියදුරා සහ කාන්තාවක් මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පැවසීය.


ඊයේ (22) දින පස්වරු 6:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ කොත්මලේ කඩදොර ප්‍රදේශයේදිය.


අනතුරින් මිය ගොස් ඇත්තේ කොටගේපිටිය උතුර පදිංචි 53 හැවිරිදි රියදුරා සහ නයාපාන සමෘද්ධි නියාමකවරියක වූ 50 හැවිරිදි කාන්තාවකි.


සමෘද්ධි නියාමකවරිය නිවසට ඇරලීම සදහා ඇගේ කැබ් රථයෙන් නිවස කරා ධාවනය කරවන අවස්ථාවේ කැබ් රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පුස්සැල්ලාව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු කියා සිටියහ.


ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් තුවාලකරුවන් පිටතට රැගෙන රෝහල් ගත කිරිමේදි රියදුරු එම ස්ථානයේදිම මිය ගොස් සිටි බවත්, බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව ගම්පොළ මූලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මිය ගිය බවයි පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ. 

 

More News..