බිමල් රත්නායකට ජාත්‍යන්තර තනතුරක්
07 November 2026
බිමල් රත්නායකට ජාත්‍යන්තර තනතුරක්
07 November 2026
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්රරවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා වශයෙන් පත්වී තිබේ.
ඉදිරි වසර දෙකක කාලයක් ICAPP Media Forum හි සම සභාපතිත්වයට බිමල් රත්නායක අමාත්‍යවරයා සමග ආචාර්ය සියෝ ජි-යන්ග් මිය තේරී පත්වුණි.
ICAPP 13 වෙනි සැසිවාරය පසුගිය (04) වෙනිදා සිට අද (07) දින දක්වා රටවල් 36ක දේශපාලන පක්ෂ 83ක නියෝජිතයින්ගේ සභාගිත්වයෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙයි.
අමාත්‍ය බිමල් රත්නායක ICAPP හි මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබයි.

