brand logo
logo
 එක්සත් රාජධානියේ පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්

එක්සත් රාජධානියේ පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්

29 January 2026



දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක් ලබාදීමට චීනයෙන් අවස්ථාව සලසා දී තිබේ.


එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් මහාගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ තිබේ.


ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරකයින් ලෙස දින 30කට අඩු කාලයකට චීනයට පැමිණෙන පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව එරට තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවේ.


චීනය මෙම පහසුකම මේ වනවිට ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50කට ලබාදී ඇත.



 

More News..