ඉන්දියාවෙන් තවත් බේලි පාලම් තොගයක්
09 August 2026
ඉන්දියාවෙන් තවත් බේලි පාලම් තොගයක්
09 August 2026
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශ වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් තවත් බේලි පාලම් තොගයක් ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය 'X'සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, මෙට්‍රික් ටොන් 250කට අධික බරකින් යුත් මෙම නවතම පාලම් තොගය ඉන්දියාවේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත්-ආපදා ප්‍රතිසංස්කරණ පැකේජයේ තවත් අදියරක් ලෙස ලබා දී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් මෛත්‍රී කේ මහතා විසින් මෙම පාලම් තොගය, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, ඉන්දියාව විසින් මීට පෙර ලබා දුන් පාලම් තොග දෙකට අමතරව, ඩොලර් මිලියන 5කට වඩා වටිනා මොඩියුලර් බේලි පාලම් 5ක් මෙම තුන්වන පරිත්‍යාගයට ඇතුළත් වේ

