brand logo
logo
 කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගනී

කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගනී

12 September 2026


හංවැල්ල පොලිස් වසමේ ජල්තර ප්‍රදේශයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබේ.


හංවැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත ඊයේ (11) සවස මෙම පුද්ගල මළසිරුර සොයාගෙන ඇත.


මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.


මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර හංවැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 


 

More News..