brand logo
logo
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ඇරඹේ

07 September 2026


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී අද (07) පස්වරුවේ ආරම්භ විය.


මෙවර සැසිවාරය එළැඹෙන ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


මෙම සැසිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ දේශනයෙන් ආරම්භ කෙරුණි.


එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව මෙම සැසියට ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් සිදු කිරීමට නියමිතය.


එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යළිත් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.


ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ මුලික පිටපතක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි.


මෙම වාර්තාවේ සඳහන් පරිදි, වත්මන් රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම වැනි විශාල වෙනස්කම් සිදුකිරීමේ පොරොන්දුව මත බව සිහිපත් කර ඇත.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිර්දේශ කරන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා අත්හිටුවීමේ කාල සීමාවක් පනවා එය ඉක්මනින් අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසය.


උතුරු නැගෙනහිර හමුදාව භාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් ඉඩම් පවරා ගැනීම් නැවැත්වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගුකාලීනව රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම ද මෙම වාර්තාව මගින් නිර්දේශිතය.


මීට අමතරව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරන මාර්ගගත සුරක්ෂිතතා පනත, ICCPR පනත සහ කෙටුම්පත් කර ඇති NGO පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ද නිර්දේශ අතරට ඇතුළත්ය. 

 

More News..