brand logo
logo
අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේවීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්

අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේවීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්

05 April 2026 | වරුණි පෙරමුණ


අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක නවයක් පිහිටුවීමේ කටයුතු ඉදිරියේදි සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ ‘සති අග අරුණ’ ට පැවසුවාය.


පසුගිය කාලයේ මෙම කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවැති බවත් මේ වනවිට එම කාර්ය මණ්ඩලය බඳවාගෙන අවසන් බවත් සභාපතිවරිය ප්‍රකාශ කළාය. 


මේ වන විට දරුවන්ගේ සාක්ෂි පටිගත කරන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ පිහිටි ඒකක දෙකේ පමණි. අනුරාධපුරයේ හා ගාල්ලේ රෝහල් ඒකකවල එම පටිගත කිරිම් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ අවශ්‍යතාව සපුරා ගැනීමට අධිකාරියට හැකියාව ලැබුණු බවද ඇය සඳහන් කළාය.


ඒ අනුව ඉදිරියේදි එම පළාත් දෙකෙහි අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.


ජාතික ළමාරක්ෂක අධිකාරියට මෙම කටයුතු සිදුකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී මේ වන විට පස් වසරකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් මේ දක්වා ආරම්භ කර ඇත්තේ ඒකක දෙකක් පමණක් බවත් පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවටත් ජාතික විගණන කාර්යාලය සිදුකළ පරික්ෂණයකින් අනතුරුව පසුගියදා නිර්දේශ කර තිබිණි.

 

More News..