විදුලි බිලට සහන දෙන රු.මි. 17,213ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය
23 September 2026
විදුලි බිලට සහන දෙන රු.මි. 17,213ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය
23 September 2026
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද (23) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.
2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත.
ඒ අනුව මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය.
මේ අතර අද විවාදයට ගනු ලැබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

