Best News Website award
brand logo
logo
රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරයි

රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරයි

18 November 2026


අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.


රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.


ඉන් අනතුරුව අනුරාධපුර පොලිසිය විසින් සැකකරුවන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළේයව.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ්‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝගයක් කර තිබුණි. 

 

More News..