යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්රහාරයක්
16 October 2026
යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්රහාරයක්
16 October 2026
යේමනයේ ඒඩන් නගරයේ පිහිටා ඇති ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් හූති කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.
ප්රහාරයේ ප්රධාන ඉලක්කය වී ඇත්තේ, යේමන රජයේ හමුදා සහ ඔවුන්ට සහාය දක්වන සෞදි ප්රමුඛ හමුදා සන්ධානය විසින් භාවිතා කරනු ලබන, අල්-මාෂික් මාලිගා පරිශ්රය තුළ පිහිටා ඇති හමුදා අණදෙන මධ්යස්ථානයයි.
වසර ගණනාවක් පුරා පැවති සටන් විරාමය බිඳ වැටීමෙන් සහ හූතිවරුන් විසින් ප්රහාර මාලාවන් නැවත ආරම්භ කිරීමෙන් පසු උත්සන්න වී ඇති යේමන සිවිල් යුද්ධයේ තවත් බරපතළ හැරවුම් ලක්ෂයක් ලෙස මෙම සිදුවීම සැලකේ.
තුවාල ලැබූවන් අතර අගමැතිවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම සිවිල් සේවකයින් කිහිප දෙනෙකුද වන බව සඳහන් වේ.
ප්රහාරය සිදුවන අවස්ථාවේ යේමන අගමැති අල්-සින්ඩානි මහතා මාලිගාව තුළ රැඳී සිට ඇතත්,ඔහුට අනතුරක් සිදුව නැත.
සිද්ධිය දැඩි ලෙස හෙළාදකිමින් අගමැතිවරයා සිය නිල 'X' ගිණුමේ සටහනක් තබා ඇති අතර, එහිදී ඔහු හූති ප්රහාරය 'බියගුළු' ක්රියාවක් ලෙස දක්වා ඇත.

