පොළොන්නරුවේ Fin-Lit Expo 2026 හිදී DFCC බැංකුව මූල්ය සාක්ෂරතාව නැංවීමට සහාය වෙයි
28 October 2026
පොළොන්නරුවේ Fin-Lit Expo 2026 හිදී DFCC බැංකුව මූල්ය සාක්ෂරතාව නැංවීමට සහාය වෙයි
28 October 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2026 ඔක්තෝබර් 19 වන දින පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී සංවිධානය කරන ලද Fin-Lit Expo 2026 ප්රදර්ශනය සඳහා DFCC බැංකුව සහභාගී විය.
මූල්ය දැනුවත්භාවය සහ මූල්ය අන්තර්ග්රහණය (Financial Inclusion) ප්රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා ක්රියාත්මක වන වැඩසටහන් මාලාවක අංගයක් ලෙස පැවැත්වුණු මෙම ප්රදර්ශනය, නිවැරදි මූල්ය තීරණ ගැනීම සහ ඩිජිටල් බැංකුකරණය භාවිතය පිළිබඳව ප්රජාව දැනුවත් කිරීමට මනා වේදිකාවක් විය.
මෙම වැඩසටහනට සහභාගී වීම තුළින් මූල්ය සාක්ෂරතාව වර්ධනය කිරීමට සහ මූල්යමය වශයෙන් විශ්වාසදායක, ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු සමාජයක් ගොඩනැගීමට DFCC බැංකුව දක්වන කැපවීම නැවතත් තහවුරු කෙරිණි.
DFCC බැංකුව පිළිබඳව
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය ආයතනයක් වන DFCC බැංකුව 1955 වසරේදී ස්ථාපිත කරන ලද අතර, 1956 වසරේ සිටම එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී සිටී. ශ්රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන එය Fitch Ratings වෙතින් A (lka) ශ්රේණිය හිමි කරගෙන තිබේ. DFCC බැංකුව විසින් පාරිභෝගික, ආයතනික හා සුළු හා මධ්යම පරිමාණ බැංකු සේවාවන් මෙන්ම භාණ්ඩාගාර, ආයෝජන සහ වෙළඳ මූල්ය සේවා ඇතුළු සේවාවන් රාශියක් පිරිනමනු ලබයි.
පාරිභෝගික කේන්ද්රීයත්වය හා තිරසාරත්වය උදෙසා මුල් තැන දෙන DFCC බැංකුව DFCC MySpace වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු ක්රම රාශියක් ඔස්සේ කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස සිය සේවාවන් පිරිනමන අතර, දිවයින පුරා ශාඛා 133 ක්ද පිහිටුවා ඇත. මීට අමතර එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට LankaPay ජාලය හරහා ATM යන්ත්ර 5,500 කට අධික සංඛ්යාවක් භාවිතා කළ හැකි වේ.
තිරසාර මූල්යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ පිළිගත් ප්රමුඛයෙකු වන DFCC බැංකුව, පාරිසරික බලපෑම් අවම කරමින් ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කැප වී සිටී.

