මත්පැන් බෝතල්වල හොර ස්ටිකර් ගැන වෙන වෙනම පරික්ෂණ
22 July 2026 | •ශිරාන් රණසිංහ
මත්පැන් බෝතල්වල හොර ස්ටිකර් ගැන වෙන වෙනම පරික්ෂණ
22 July 2026 | •ශිරාන් රණසිංහ
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්මාර්ට් ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ සිද්ධීන්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව අදාළ ස්ටිකර් සැපයූ සමාගම වෙන වෙනම විමර්ශන සිදුකරන බවත් එම වාර්තා මත ඊට අදාළව ඉදිරි පියවර ගන්නා බවත් සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා පවසයි.
මත්පැන් බෝතල්වල අලවන ස්මාර්ට් ස්ටිකර් (Smart Security Sticker) නීතිවිරෝධි ලෙස මත්පැන් බෝතල්වල ඇලවීමේ සිද්ධීන් කිහිපයක් ඉකුත් කාලයේ දී කළ වැටලීම්වලදී හෙළි වී තිබිණි.
මාලඹේ ප්‍රදේශයේ සිදුවූ මෙම ජාවාරමෙන් පමණක් රජයට රුපියල් කෝටි ගණනක බදු ආදායමක් අහිමිව තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ (කෝප්) ද සුරාබදු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී
2022 වසරේදී මෙම ජාවාරම සියයට අධික ප්‍රමාණයක් වටලා ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.
කෙසේ වෙතත් මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවත් ලබන වසරේදී නව ස්ටිකර් සැපයුම්කරුවෙක් වෙත අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා ලංසු කැඳවා ඇතැයි ද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා සඳහන් කළේය.
දැනට ස්ටිකර් ඇලවීමේ කොන්ත්‍රාත්ව හිමි සමාගමේ නිල කාලය ලබන ජනවාරි වන විට අවසන් වීමට නියමිතය
ඒ අනුව මෙම කොන්ත්‍රාත්තුව වසර පහක කාලයකට ප්‍රදානය කිරීමට නියමිතව ඇත. ලංසු බාරදීම සැප්තැම්බර් මස 1 දින අවසන් වේ.
අසාදුගත (Blacklisted) ලංසුකරුවන් මේ සඳහා ඉදිරිපත් විය නොහැකි අතර ලංසුකරුට වසර පහක පළපුරුද්දක් තිබිය යුතු බවද ප්‍රසම්පාදන කමිටුව සඳහන් කරයි.
මෙම කොන්ත්‍රාත්තුව සඳහා ඉදිරිපත් වන ලංසුකරුවන්ට වසර දෙකක කාලයක් තුළ මත්පැන් පාදක නිෂ්පාදන සඳහා ආරක්ෂිත සලකුණු (Flool proof) මිලියන 600ක් වසර දෙකක් තුළ නිකුත් කිරීමටත්, ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතියක් සම්බන්ධව එක් ව්‍යාපෘතියක් හෝ කර තිබිය යුතු බවද එම ප්‍රසම්පාදන කමිටුව පවසයි.

