නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජයට නිසි සූදානමක් නෑ - ගුරු සංගමය
30 August 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජයට නිසි සූදානමක් නෑ - ගුරු සංගමය
30 August 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට මෙතෙක් නිසි සූදානමක් රජයට නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පෙන්වා දෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවන ගුරු පුහුණුවීම් කටයුතු ද මෙතෙක් අවසන් කර නොමැති බවයි.
ලබන වසරේ සිට පළමු ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට සැලසුම් කර තිබේ.
එහෙත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව ජෝසප් ස්ටාලිං මහතා පෙන්වා දෙයි.
"මේ කියන ප්‍රතිසංස්කරණ ලබන අවුරුද්දේ ගෙනාවට, 1 වසර සහ 6 වසර ලබන අවුරුද්දේ ප්‍රතිසංස්කරණ කොහොමටත් එන්නේ. නමුත් තවමත් ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම මන්දගාමීව සිදුවෙන්නේ. මේ ප්‍රතිසංස්කරණ පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙනාපු ප්‍රතිසංස්කරණවල දිගුවක් මේ තියෙන්නේ. ක්‍රියාත්මක නොකර අතෑරුණු ප්‍රතිසංස්කරණවල දිගුවක් මේ තියෙන්නේ. ඒ වගේම අපි දැක්කේ නෑ පහුගිය දවස්වල ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිසමට සඳහන් කරලා තිබ්බා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විශේෂයෙන්ම ප්‍රතිපත්ති රාමුවක් හදන්න කියලා. අපි දන්නෑ ජාතික අධ්‍යාපන කොමිසම තවම මේක හදලා ඉවරද කියලා. තවමත් ඒක ජනතාව අතරට ඇවිල්ලත් නෑ. කතා කරලත් නෑ.කිසිම සැලැස්මක් නැතිව පහුගිය ආණ්ඩු ගෙනාපු ප්‍රතිසංස්කරණ තමයි මේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ සඳහා තියෙන සුදානමවත් තවම පේන්න නෑ. මේක විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ. පවතින අධ්‍යාපනය තුළ ප්‍රායෝගික අර්බුද ගණනාවක් තියෙද්දි ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන ප්‍රතිසංස්කරණනම් ගේන්නේ ඒක පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි"

